March 24, 2019

ඇය සහ සඳ....!!



එන්න එළියට සොඳුර දැන් ඔබ පතා තරුමල් අවදියෙන් සඳ ඔබට පරදින හැටි
බලන්නට එන්න සොඳුරිය දොර ඇරන්...!!!

March 17, 2019

හුදෙකලා වීම




යන්න....ඔබ ‌ඈතටම
එනු එපා මා දෑස් මානයට
ආයෙත්...!!

මට පුරුදු
පාලුවත් තනිකමත්
මං එක්කම
ඔහේ
තිබිද්දෙන්

යන්න....ඔබ ‌ඈතටම
එනු එපා මා දෑස් මානයට
ආයෙත්...!!

October 21, 2018




ජීවිතේ ප්‍රශ්න...
වමට ද... දකුණට ද...???

October 30, 2016

එ් අනන්තය හරියේය...!!


ශුන්‍යද අනන්තයද අතර
මේ කුමන අන්තයදැයි නොදැන
මට දැනෙන හැටියටම
කොහේ හෝ අනන්තයක
හිස්ම හිස් අහසක් යට
අතැර දැමිණ...!!
ම විසින් ඇයද ???  ඈ විසින් මා ද???

චෛතසික ගලපමි...
දැන් අහස හිස් නැත
එහෙත් දැන් ඇය නැත...!!

ගැලපීම අවසන
ඇයම මා අතැර ගිය වග
දැනී නොදැනී සිටිමි...!!

අනන්තය දකිනු පෙර
අනන්තය ළග
මා දමා

ඇය
යන්නටම ගියාය...!!

එ් අනන්තය හරියේය...!!






October 8, 2014

සිහිනයක් අතර මැද...!!

දෙපා පොඩි හෙමි හෙමින්
තබා පිය මනින සඳ
මගේ සිත් ඉම හොරෙන්
නුඹම සැරි සරන හැඩ...
අවදිවනු අවැසි නැත මට
මේ සොඳුරු ස්වප්නයෙන්
නුඹ සිහින දෙව් දුව
මා පෙළන පෙම් වියරුවෙන්....!!



June 24, 2014

අකුරු සතර....!!

නුඹ යදින...
මගෙන් අයදිනා බව
දැනෙන...
නුඹට මහ'රුත් ඇති
මට එවන් කිසිත් නැති..
හැඟුම් ඇති
වදනක් වී ද නුඹට...
මට හුදෙක්
අකුරු සතරක් වී.....!!!





June 9, 2014

අරමුණකින් තොරව‍ ජීවිතයේ අරුත් සෙවීම...!!







ඝන මීදුම් දුමාරයක
දහ අට වංගුවේ හිඳ
ම දිවි පිළිබඳව
අරමුණකින් තොරව‍
මම ජීවිතයේ අරුත් සොයමි....

අහස් අගාධයද පොළෝ අගාධයද
එක ලෙසම පෙනෙන කළ
එහි සීමා මායිම්
වෙන්කරගත නොහී
අරමුණකින් තොරව‍
මම ජීවිතයේ අරුත් සොයමි....

හිරි වැටෙන හීතලක
ඔච්චම් කරන වැහි බිංදු
අනිච්ඡානුගව මුව පුරා
ගලා හැලෙන කළ
අරමුණකින් තොරව‍
මම ජීවිතයේ අරුත් සොයමි....

මහා ගිරි කුළක්
මා දෑස ඉදිරියේ ඇතද
දිවි ගිරි කුළ ද මේ යැයි බැව්
දැන දැනම
අරමුණකින් තොරව‍
මම ජීවිතයේ අරුත් සොයමි....



June 6, 2014

අඳුර....!!


ජීවිතය පිළිබඳ විශ්වාසය
දියව ගිය තැන....
ඇත්තේ අඳුරම පමණි..

මම,
ඒ අඳුරට පෙම් බඳින්නෙක්මි....


සිනහව දැන් මට අමතකය..

ඛේදයේ ගිලුනු මම....,
ඔබේ ප්‍රහර්ශයට ස්වර ගලපන්නේ
කෙලෙසදැයි තවම නොදනිමි...

ජීවත්වීම යනු....,
හුස්මගැනීම පමණක්ම නොවන බැව්
අඳුරු මතකයන් මට උගන්වමින් සිටී....

සැමවිටම ඛේදය යනු....;
වෙස්වලාගත් ආශිර්වාදයක් බැව්;
දැන් මම දනිමි...

එබැවින්..
මම තවමත්..
අඳුරට පෙම් බඳින්නෙක්මි....!!!




March 15, 2014

මයේ මැණිකේ....!!

අරන් වරෙන් මයේ මැණිකේ
කහට කෝප්පය හනිකට
මහන්සි මට අද හොටම
 රුදාව හරි හරියට


ඳ ගනින්කො මගෙ ළඟින්ම
කියපන්කෝ දවසේ තතු
කෑවද බිව්වද අනෙ උඹ
පාලුද මුළු දවසම අද


තවත් ළඟට වරෙන් මගේ

දැන්නම් නෑ මහන්සි මට
ආසයි මට තොදොල් වෙන්න
හිරකරගෙන මගෙ තුරුලට


ඹලුව තියන් මගෙ පපුවට

හිටපන්කො මගෙ ළඟින්ම
කහට කෝප්පයෙ උණුහුම
පරද්දාවි නුඹෙ උණුහුම


සැරිසරන්න ආසයි මට

නුඹෙ කෙහෙරැල් අතර පතර
නුඹෙ සුසුමක සුවඳම ඇති
ගෙවන්න මට මුළු දවසම


එහෙනම් යමු අපි දෙන්නම

කුස්සිය පැත්තට හෙමිහිට
සම්බෝලෙයි බතකුයි ඇති
රෑට කන්න අද දවසට


කැමති නේද නුඹ ඒකට‍
කාලා බීලා ඉවර වෙලා
තුරුළු වෙලා දොයිිය ගමුද
මගෙ හාදු ගොඩක් මැද්දෙ
නිදි කරවන්නම් මැණිකෙව


ඟින් ඉඳින් මැණිකෙ මගෙ
මං ඉන්නව නුඹෙ ළඟින්ම
අද විතරක් නෙවෙ හරිද
හැමදාමත්....හැමතැනදිම......!!






February 27, 2014

අසංවේදී වීමී...!!

වීදියේ පහන් කණුවක
යටට වී මම
ඇන තියා උන්නා
හීන් වැහි කෝඩයක...

හීතලයි ඇත්තයි
පුංචි මුත් වැහි බිංදු
නමුදු එ් ගැන වගක්
නෑ මට
ගත මෙන්ම හිතද
හිරි වැටී ඇත්තේය...

නියුරෝන ඔක්කෝම
එක පොදියට
සිඳ දැම්මා නුඹ
කිසිම අනුකම්පාවක් නැතිව..

ඉතින් මම කෝම

පතමිද තවත් ආදරයක්..?
නියුරෝනයක අගිස්සක්වත් 
නැතිව....!!