අරමුණකින් තොරව‍ ජීවිතයේ අරුත් සෙවීම...!!







ඝන මීදුම් දුමාරයක
දහ අට වංගුවේ හිඳ
ම දිවි පිළිබඳව
අරමුණකින් තොරව‍
මම ජීවිතයේ අරුත් සොයමි....

අහස් අගාධයද පොළෝ අගාධයද
එක ලෙසම පෙනෙන කළ
එහි සීමා මායිම්
වෙන්කරගත නොහී
අරමුණකින් තොරව‍
මම ජීවිතයේ අරුත් සොයමි....

හිරි වැටෙන හීතලක
ඔච්චම් කරන වැහි බිංදු
අනිච්ඡානුගව මුව පුරා
ගලා හැලෙන කළ
අරමුණකින් තොරව‍
මම ජීවිතයේ අරුත් සොයමි....

මහා ගිරි කුළක්
මා දෑස ඉදිරියේ ඇතද
දිවි ගිරි කුළ ද මේ යැයි බැව්
දැන දැනම
අරමුණකින් තොරව‍
මම ජීවිතයේ අරුත් සොයමි....



Comments

Popular Posts