නුඹ යදින...
මගෙන් අයදිනා බව
දැනෙන...
නුඹට මහ'රුත් ඇති
මට එවන් කිසිත් නැති..
හැඟුම් ඇති
වදනක් වී ද නුඹට...
මට හුදෙක්
අකුරු සතරක් වී.....!!!
June 24, 2014
June 9, 2014
අරමුණකින් තොරව ජීවිතයේ අරුත් සෙවීම...!!
ඝන මීදුම් දුමාරයක
දහ අට වංගුවේ හිඳ
ම දිවි පිළිබඳව
අරමුණකින් තොරව
මම ජීවිතයේ අරුත් සොයමි....
අහස් අගාධයද පොළෝ අගාධයද
එක ලෙසම පෙනෙන කළ
එහි සීමා මායිම්
වෙන්කරගත නොහී
අරමුණකින් තොරව
මම ජීවිතයේ අරුත් සොයමි....
හිරි වැටෙන හීතලක
ඔච්චම් කරන වැහි බිංදු
අනිච්ඡානුගව මුව පුරා
ගලා හැලෙන කළ
අරමුණකින් තොරව
මම ජීවිතයේ අරුත් සොයමි....
මහා ගිරි කුළක්
මා දෑස ඉදිරියේ ඇතද
දිවි ගිරි කුළ ද මේ යැයි බැව්
දැන දැනම
අරමුණකින් තොරව
මම ජීවිතයේ අරුත් සොයමි....
June 6, 2014
අඳුර....!!
ජීවිතය පිළිබඳ විශ්වාසය
දියව ගිය තැන....
ඇත්තේ අඳුරම පමණි..
මම,
ඒ අඳුරට පෙම් බඳින්නෙක්මි....
සිනහව දැන් මට අමතකය..
ඛේදයේ ගිලුනු මම....,
ඔබේ ප්‍රහර්ශයට ස්වර ගලපන්නේ
කෙලෙසදැයි තවම නොදනිමි...
ජීවත්වීම යනු....,
හුස්මගැනීම පමණක්ම නොවන බැව්
අඳුරු මතකයන් මට උගන්වමින් සිටී....
සැමවිටම ඛේදය යනු....;
වෙස්වලාගත් ආශිර්වාදයක් බැව්;
දැන් මම දනිමි...
එබැවින්..
මම තවමත්..
අඳුරට පෙම් බඳින්නෙක්මි....!!!
Subscribe to:
Posts (Atom)