February 27, 2014

අසංවේදී වීමී...!!

වීදියේ පහන් කණුවක
යටට වී මම
ඇන තියා උන්නා
හීන් වැහි කෝඩයක...

හීතලයි ඇත්තයි
පුංචි මුත් වැහි බිංදු
නමුදු එ් ගැන වගක්
නෑ මට
ගත මෙන්ම හිතද
හිරි වැටී ඇත්තේය...

නියුරෝන ඔක්කෝම
එක පොදියට
සිඳ දැම්මා නුඹ
කිසිම අනුකම්පාවක් නැතිව..

ඉතින් මම කෝම

පතමිද තවත් ආදරයක්..?
නියුරෝනයක අගිස්සක්වත් 
නැතිව....!!



February 25, 2014

ඔද්දල් හිත....!!



සිහිනයක් වු අතීතෙක
සැමරුම් අතර එහෙ මෙහෙ දුවන
මගේ හිත‍
ඔද්දල් වෙලා හොඳටෝම
හරියට හතියි මට...

ඔද්දල් වී නැද්ද ඔය හිත
ඒ සැමරුම් සුවඳ මැද...

විසිරෙන කඳුළු කැට අතර
බලා හිඳිමි මම
ඔබේ රුව දෙසම....

හැමදාටම.....!!