ශුන්‍යද අනන්තයද අතර
මේ කුමන අන්තයදැයි නොදැන
මට දැනෙන හැටියටම
කොහේ හෝ අනන්තයක
හිස්ම හිස් අහසක් යට
අතැර දැමිණ...!!
ම විසින් ඇයද ??? ඈ විසින් මා ද???
චෛතසික ගලපමි...
දැන් අහස හිස් නැත
එහෙත් දැන් ඇය නැත...!!
ගැලපීම අවසන
ඇයම මා අතැර ගිය වග
දැනී නොදැනී සිටිමි...!!
අනන්තය දකිනු පෙර
අනන්තය ළග
මා දමා
ඇය
යන්නටම ගියාය...!!
එ් අනන්තය හරියේය...!!