December 16, 2010

නුඔ.....

හැගුම්බර සෝ සුසුම්
හදවතේ නැගෙද්දී....
නොවැටිමුත් කදුලු බිදු
ඇස් කෙවෙනි දැවෙද්දී.....
තවත් නැත මා ළගින් නුඔ
හදවතට දැනෙද්දී....
අනේ...මම අසරණයි
නුඔව සිහිවෙද්දී......!!!!!

December 12, 2010

11.50pm


සියල්ල අවසන මම ඇගෙන් සමුගතිමි.....

December 5, 2010

feeling.....

" When I see your photograph
with your all medals
& color bars
I feel pride....
Because I've born to you....
as your only son....
when my mother talks about you
& your adventures
which you've done
during your past days
I feel respect.....
Because
you've served to the motherland
for the sake of next generation....
But,
when I see
our family photograph
where we all are together
I feel sad.....
I missed you lot....
couldn't play with you....
couldn't feel your warmth....
during my childhood
Now you're not there with us
to supper together
but, forever & ever
I'm not angry with you
you've sacrificed your life
for the MOTHERLAND....
think you'll be please
wherever you're
as your son is
following your path....
to fulfill your expectations....
for the betterment of the 
FUTURE....
don't worry, my dear FATHER....
your BLOOD still working
for the MOTHERLAND....!!!!!

October 7, 2010

මියැදුණු සිහිනය....!!!

කුඩා කළ සිට ඇලුම් කළනෙමි
තරුත් පටි හැඳ හැඩ බලන්නට.....
අවිත්, අසියත් එක ලෙසට ගෙන
ඔවුන් පානා හරඹ කරනට....
කලක් ගතවුණි
සිතැඟි වෙන්වුණි
අළුත් සිතුවිලි සිත පහළ වුණි....
තරුත් පටි හැඳ
අවිත් අසි ගෙන
ගුවන් පෙළහර පෑමටය ඒ......
මඟ විවර විය
සිහින ඉපැදිණ
අවිය, අසිය ද, ගුවන තුනටම
සිහින මාවත එළි පෙහෙළි විය.....
සියල් අත්හැර එවෙත එළඹුණි
තරුත් පටි හැඳ ගුවන දිනුමට
නමුදු අරමුණ
මිරිඟුවක් විය....
ළකුණු දෙකකට
සිහින බොඳවිය......!!!!!


- එක් සත්‍ය සිදුවීමක් ඇසුරින් -

September 17, 2010

මම ආනන්දේ දරුවෙක්.....!!!!!

  මහ පොළවෙන් වැලි කැටයක්
  තරමක් වන් පුංචි රටක
  උදාර බොදු සිංහල අපි
  සාමය සහ සතුට බෙදන්
  නිවහල් ජාතියක් විලස
  පාවේ දිවි ගංගාවෙහි.....

  තමන්ගේම රටක් කියා
  රටක් තියෙන අයෙක් වෙද්ද
  තමන්ගේම දැයක් කියා
  දැයක් තියෙන අයෙක් වෙද්ද
  ආගම බස යන මේ දෑ
  තමන්ගේම වේ නම් ඔහු
  නිවහල් ජාතියක් උරුම
  නිවහල් අයෙකුම නොවෙත්ද.....?

  සිරි ලංකාවයි මගේ රට
  එහි උරුමය මගේ මේ දැය‍
  බොදු දම් හෙළ බස අත් වු
  නිවහල් වැසියෙක් මා අද....
  ලැබී හෙයින් නිදහස අද
  සිංහ රජෙකුගේ විලසින්
  උදම් අනන අයුරු ඇසී
  අතීතයේ විසුවෙකු මෙහි
  හතර රියන මතට නැගී
  ඇඟිල්ල දිගු කොට මා හට
  කියාවි මෙලෙසින් කෝපව.....

 "ඒයි දරුව මේ බලපං
  රටත් නු‍‍ඹෙයි, දැයත් නු‍‍ඹෙයි
  ආගම බස එයත් නු‍‍ඹෙයි
  හැම දෙයක් ම නු‍‍ඹෙ තමයි
  ඒත් ඒව දිනාගන්න
  අතීතයේ හෙළ විරුවෝ
  මරු මුඛයට පිහිනූ හැටි
  යුධ පිටියේ අවිගත් හැටි
 
 බොදු සිප්හල් බිහි කරමින්
 අදිරද දම් බිඳ හෙළමින්
 ජාතිය බේරාගත් හැටි
 ආගම බේරාගත් හැටි
 ඒව ගැනත් කෑ ගහපන්
 ඒව ගැනත් ගී කියපන්......"

 මොනවද ඔබ පවසන්නේ
 වැරදීලා වගෙයි ඔබට
 බලන්න මගේ ඇඳුම දිහා
 බලන්න මගේ මුහුණ දිහා
 හඳුනගන්න බැරිද ඔබට
 මම "ආනන්දේ" දරුවෙක්

 අදින් සියක් වසකට පෙර
 රට අඳුරට බිලි වෙද්දී
 දැය පිටවුන් බිලි ගත්දී
 කරදර කම්කටොලු මැදින්
 බිහිවුවා මගේ මෑණිය
 ඒ බාධක බිඳ දමමින්
 කරදර පීඩා විඳිමින්
 ඇය ආවා ඇගේ ගමන......

 ඇය බිහිකළ දහස් පුතුන්
 රැකගත්තා ඇය පණ මෙන්
 බුදුන් දෙසු දම් පදයට
 පිටු පෑවේ නෑ කිසිවිට
 පුංචි රටේ පුංචි බලය
 පෙන්වන්නට මුළු ලෝකෙට
 ඈ සෑදු බොදු දරු කැළ
 දිරිගත් හැටි, වෙහෙසුන හැටි.....

 තුන් හෙළයම අවදි කරපු
 රට ජාතිය එක්සත් කළ
 තෙද බල ඇති ඒ විරුවන්
 දහස් ගණන් සෙවණ ලබපු
 " ආනන්දය " මතක නේද ?

 මමත් එහේ තමයි ඉන්නේ
 ඒකයි මම ගී ගයන්නේ
 ප්‍රතාපවත් හෙළ ජාතිය
 දණින් වැටෙන්නවත් නොදී
 ඇඟ ලේ මස් සිරුර පුදා
 රැකගත් හෙළ සුරු විරුවෝ
 බිහිකළ ආනන්ද මෑණී
 මගේ මෑණී ඇයම තමයි.....

 අමතක නැහැ අතීතෙ මට
 අමතක වෙන්නෙත් නැහැ මට
 සුදු හුණු ගෑ බිත්ති අතර
 පා තබමින් යනෙනා විට
 අතීතයේ සියළු පවත්
 දෝංකාර දේ සවනට

 ගමක් ගමක් ගානේ ගොස්
 ගෙයක් ගෙයක් ගානේ ගොස්
 ගී ගයන්න අතීතෙ ගැන
 මට පුළුවන් හැමදාමත්
 යුතුකමක් ය ඒක මගේ

 අතීතයෙත් අද දවසත්
 අනාගතෙත් සදාකල්හි
 ජාතිය යන මාවත ගැන
 විමසිල්ලෙන් බලා ඉන්න
 මගේ අනඳ මෑණිය මව
 නිරතුරුවම බලා ඉන්නෙ
 ඒ යුතුකම නමින් තමයි.....

 ඒ විතරක් නොවෙයි සබඳ
 අනාගතේ යම් ලෙසකින්
 කිසියම් හෝ උවදුරකින්
 මගෙ රට දැය නොසිතු ලෙසින්
 ඝන අඳුරක සැඟවුනොතින්
 අතීතයෙන් පාඩම් ගෙන
 දිරිගෙන ඉදිරියටම යම්
 ඇඟ ලේ මස් සිරුර පුදා
 රටත් දැයත් රැකගන්නෙම්
 එයයි මගේ පරම පැතුම
 එයයි මගේ පරම පැතුම

" මම ආනන්දේ දරුවෙක්.....
  මම ආනන්දේ දරුවෙක්....."


මේ කවියේ කර්තෘ අඥාතයි....උපුටාගත්තේ ආනන්දය සඟරාවකින්, බොහොම කාලෙකට කලින්.....ඊයේ පෙරේදාවක ගෙදර ගියාම අහම්බෙන් හම්බවුණා, කොළේ පාට පිච්චිලා ගිහින්....ආරක්ෂාවට අවකාසයට එකතුකළා....!!!!

August 15, 2010

සොයුරියට සෙනෙහසින්......


නංගි කියන්නේ  අපේ ගෙදර සුවි‍‍‍‍ශේෂ චරිතයක්. අම්මා තාත්තා මල්ලි වගේම. හැබැයි හැමෝටම වඩා නංගා මට ගොඩක් සමීපයි.....මේ සැරේ එයාගේ උපන් දිනයට ගෙදර ඉන්න බැරිවුන එක ලොකු අවුලක්....සමීපතයින් එක්ක මට ගත කරන්න පුළුවන් වෙන්නෙ සුළු කාලයක් විතරයි..... :(

August 14, 2010

ජිවිතය....

නැවත පැමිණෙමි.....


ලියන්න කැමති වුනාට වෙලාව මට ප්‍රශ්ණයක්....ඒත් ඒ සාර්ථක උත්තරයක් නෙවෙයි...මම දන්නවා...අද ඉඳළා පටන් ගමු.